Saturday, December 3, 2016

ඒරියා 51’ කඳවුර පිළිගැනීමට ඇමෙරිකාවට සිදු වෙයි

 ‘ඒරියා 51’ (Area 51) යනුවෙන් නම් කරන ලද අධි රහස්‍ය කඳවුරක් නිර්මාණය කළ බව ඇමෙරිකානු සී.අයි.ඒ.රහස් ඔත්තු අංශය අන්තිමේ දී පිළිගෙන ඇත.
එවැනි රහස්‍ය කඳවුරක් ඇති බව ඇමෙරිකානු ආණ්ඩුව වසර ගණනාවක් ම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමිනුයි තිබුණේ.

ඇමෙරිකානු තාක්ෂණයේ ඉදිරි පිම්මක් වූ U 2 ඔත්තු බැලීමේ යානා ඉතිහාසය අනාවරණය කෙරෙන නව වාර්තාවක් මගින් ඉහත කී කඳවුර ගැන තොරතුරු හෙළි කොට ඇති අතර,ඒ අනුව දැන් කඳවුර තිබෙන්නේ , නෙවාඩා (Nevada) කාන්තාරයේ.
1950 දශකයේ ඇමෙරිකා එක්සත් ජනපදය U 2 ඔත්තු බැලීමේ යානය නිර්මාණය කළේ,එවකට පැවති සෝවියට් සංගමයේ ඔත්තු බැලීමටයි.
එහෙත් එම අධි රහස්‍ය කඳවුර මේ දක්වා කිසිදු ඇමෙරිකානු නිල සිතියමකට ඇතුළත් කොට නොතිබුන අතර,අඩු තරමින් චන්ද්‍රිකා ඡායාරූපයකවත් එය දක්නට නොලැබුණි.
ආරක්ෂක තොරතුරු පිළිබඳ බ්‍රිතාන්‍ය විශ්ලේෂකයකු වන ක්‍රිෂ් පොකොක්(Chris Pocock) බීබීසියට අදහස් දක්වමින්,U2 යානා ඉතා ඉහල අහසේ පියාසර කරමින් තිබෙන විට ඒවාට හිරුරැස් වැටී බබලද්දී, එම දිස්නයෙන් මුලා වූ ඊට පහතින් පියාසර කරන මගී ගුවන් යානවන්හි බොහෝ නියමුවන් එම රිදී පැහැති U2 යානා පියාඹන පීරිසි හෝ ඇතැම් විට පිටසක්වළ ජීවීන් පිළිබඳ ලකුණක් විය හැකි බවට නොමග ගිය බවත් සඳහන් කළේය.
එහෙත් ඉන්පසු කාලයෙහි එම යානා නිර්මාණය කෙරුනේ කළු පැහැයෙනි.
උපුටා ගන්නා ලද්දකි.


No comments:

Post a Comment