Saturday, December 3, 2016

                 පිටසක්වළ ජීවීන් සෙවීමේ ව්‍යාපෘති

 1)සෙටී ව්‍යාපෘතිය
1961 වසරේ නොවැම්බැයේදී රේඩියෝ ඉංජිනේරුවන් , තාරකා විද්‍යාඥයන් සහ ජෛව විද්‍යාඥයන් කිහිපදෙනෙකු එකතුව සක්වලින් එපිට බුද්ධිමත් ජීවීන් සෙවීම අරමුණු කොට සමුළුවකි පැවැත්වූවේය.සුප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වූ ෆ්රෑන්ක් ඩ්රේක් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සෙවීම සඳහා ඔහුගේ සුප්‍රසිද්ධ සමීකරණය ප්‍රථම වරට ඉදිරිපත් කලේ මෙම සමුළුවේ දීය.මෙම සමුළුවේදී සෙටී (SETI-Search for Extraterrestrial Intelligence)උපන්නේය.එදා සිට අද දක්වා විවිධ දිශා වලට අතු විහිදවහින් දැවැන්තව වැඩුණු සෙටී ව්‍යාපෘතිය තවමත් මල් ඵල ගැන්වී නොමැත.මෙම ව්‍යාපෘතිය ප්‍රධාන ශාඛා කිතිපයක් ඔස්සේ දියත් කෙරිණි.එම ශාඛා වලින් කිහිපයක් නම්

ෆීනික්ස්(PHEONIX) බෙටා(BETA-Billion channel Extra Terrestrial Assay)
මෙටා(META-Million channel Extra Terrestrial Assay)

2) බෙටා ව්‍යාපෘතිය
පිටසක්වළ ජීවීන් සෙවීම සඳහා චැනල බිලියනයක් යොදා ගැනීම අරුත් දෙන (Billion channel Extra Terrestrial Assay)BETA ව්‍යාපෘතිය, ග්‍රහ සංගමයෙහි (Planetary Society)ආධාර ඇතිව හාවඩ් විශ්ව විද්‍යාලයේ පෝල් හොරොව්ට්ස්ගේ ප්‍රධාණත්වයෙන් ඇරඹුණකි.ඛගෝලයේ සමකයේ සිට උතුරට අංශක 60 ක්ද දකුණට අංශක 30 ක්ද වූ සීමාව තුල සියළුම තරු නිරීක්ෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.වසරක් පුරා හාවඩ්හි පිහිටි මීටර 26ක රේඩියෝ දුරේක්ෂයෙන් ගිගා හර්ට්ස් 1.4 ත් 1.72 ත් අතර පරාසයක සංඛ්‍යාත ඹවුන් විසින් මෙම ව්‍යාපෘතිය යටතේ නිරීක්ෂණය කරන ලදී.
බෙටා ව්‍යාපෘතිය ආරම්භ වූයේ 1985 දී ආරම්භ වූ මෙටා ව්‍යාපෘතිය(META-Million channel Extra Terrestrial Assay)වෙනුවෙනි.

3) සෙරන්ඩිප් ව්‍යාපෘතිය(SERANDIP-Search for Extraterrestrial Radio Emissions from Near by Developed Intelligent Populations)
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ බර්ත්ලි සහ පිරිස විසින් 1978 වසරේ ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතිය මඟින් ලෝකයේ ඕනෑම තැනක ඇති රේඩියෝ දුරේක්ෂ වෙනත් අරමුණකින් ක්‍රියාත්මක වුවත් ඒ පිළිබඳ සංඥා ලබා ගැනීමට හැකි විය.1997 වසරේ මැයි මාසයේ දී සෙරන්ඩිප්-4 නමින් එහි අනු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූවේත් ක්‍රාන්තියේ සිට අංශක 38 සිට අංශක -3 අතර ප්‍රදේශය සිසෑරීමටයි.එසේම දකුණු අර්ධගෝලය පිරික්සීමට ඹස්ට්‍රේලියාවේ පර්ක් හි නිරීක්ෂණාගාරයේ සිට තවත් සෙරන්ඩිප් අනු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. සෙරන්ඩිප්-3 නම් වන එයද හයිඩ්‍රජන්හි තරංග ආයාමය ඔස්සේ දිව ගිය එකකි.

No comments:

Post a Comment