Saturday, December 3, 2016

පිටසක්වල ජීවීන් දිඹුලාගල ගලේ කෙටූ සංඥා අක්ෂර

 පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණි අවස්ථාවලදී ඔවුන් සමග සම්බන්ධ විය හැකි සංඥා දොරටුවක් අතීතයේදී ඓතිහාසික දිඹුලාගල පර්වතය මුදුනේ පිහිටුවා තිබූ බව පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන ඇත.
අඩි 1500ක් ඉහළ දිඹුලාගල පර්වතයේ ඉහළම ස්ථානයක මේ සංඥා දොරටුව සහිත වූ ගල්ලෙන පිහිටා තිබේ. කුඩා මිනිසකුට ඇතුළුවීමට හැකිවන පරිදි සකස් කොට ඇති මේ ගුහාව තුළ අඩි 20x10 ප්‍රමාණයේ ගල් පුවරුවක මිනිසුන්ට හඳුනාගැනීමට නොහැකි විවිධ සංඥා සටහන් කොටා ඇත.

වසර දහස් ගණනක් පැරැණි බව පෙන්නුම් කෙරෙන මේ සංඥා පුවරුවේ මිනිස් රුවක් ද දැකගන්නට ලැබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු පර්යේෂකයකු මේ ගල්ගුහාව තුළ නිරීක්ෂණයක් සිදුකොට නොමැති බව පැවසෙන අතර, අතීතයේදී කිසියම් කාලයකදී මනුෂ්‍යයින් නොවූ “දේව” කොටසකගේ සම්බන්ධයක් තිබූ බවට මෙයින් පැහැදිලි වන බව පර්යේෂකයන්ගේ මතයයි.
මේ ගල්ගුහාව පිහිටි ස්ථානය සොයා යෑමේදී මුලින්ම දැකගන්නට ලැබෙනුයේ විශාල ගල් පර්වතයක මාර්ග සලකුණුය. එවැනි මාර්ග සලකුණු ගල් මත සටහන් කර තිබූ ස්ථාන 3ක් දැකගන්නට ලැබේ.

විශාල ගල් දෙබොක්කාවක් යටින් රිංගා, ගස් වැල්වල එල්ලී දුෂ්කර ලෙස මේ ගල් ගුහාව කරා ගමන් කළ යුතු විය. මේ ස්ථානයට පැමිණි විට පහත් බිම් ප්‍රදේශ දැකගන්නට ලැබේ.
අසල බිම පරීක්ෂා කිරීමේදී ‍මෙතෙක් හඳුනාගෙන නොමැති සංඥා අක්ෂර රැසක් දැකගන්නට ලැබේ. අඩි 2ක් පමණ වූ සිදුරකින් යුත් මේ ගල් ලෙන තුළ මිනිසකුට කෙලින් ගමන් කිරීමට අපහසුය. මහත් ආයාසයකින් බඩගාමින් ඒ තුළට රිංගාගත යුතුය.

විශාල ගලක් තුළ මෙවැනි ගුහාවක් නිර්මාණය කිරීමද මිනිසුන්ට සිදුකළ නොහැකිය. එසේම ඒ තුළ විශාල ප්‍රමාණයේ ගල් පුවරුවක් නිර්මාණය කොට ඒ මත සංඥා අකුරු හා සිතුවම් කරවීම පුදුම උපදවන සුළුය.
මේ ගල් කුල තුළ බොහෝ වේලාවක් ගත කිරීම පවා බියජනකය. කිසිදු ආලෝකයක් නොමැති මෙහි සංඥා පුවරුවේ ඡායාරූප ගැනීම පවා ඉතා දුෂ්කරවිය. මේ සංඥා පුවරුවේ සටහන් කොට ඇති සංඥා තේරුම් ගැනීමෙන් පසු පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමට හැකිවූ බව මේ ස්ථානයට ගිය පර්යේෂකයින්ගේ මතයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කන්දේගම උපවංශාලංකාර හිමි - මම 2000 වසරේ සිට මේ දිඹුලාගල පර්වතය මුදුණේ පිහිටි විහාරස්ථානයේ වැඩ වාසය කරනවා.
පර්වතය මුදුනේම පිහිටි විශාල ගලක් තුළ මේ කියන ගල්ගුහාව පිහිටා තිබෙන්නේ. මේ තුළට කිසිවෙකුටවත් ඇතුළුවීමට නොහැකියි. යටින් රිංගා බඩගාගෙන යන්න ඕනෑ. ඇතුළට ගියවිට ගල්පුවරුවක් දැකගන්න පුළුවන්. එහි විවිධ සංඥා සහ දේවරූපයක් කොටා තිබෙන අයුරු දැකගන්නට පුළුවන්.
මේ පිළිබඳව මෙතෙක් කිසිදු අවධානයක් යොමුකර තිබුණේ නැහැ. මේ තොරතුරු අප දැනගෙන තිබුණත් ඒවා පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. එහෙත් මේ ගල් ගුහාව තුළ කිසියම් ගුප්ත බලවේගයක් පවතින බව පැහැදිලියි.
විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී විවිධ වර්ණයන්ගෙන් යුත්, ආලෝකධාරා මේ පර්වතය මතට පැමිණ අතුරුදහන් වනවා. පසළොස්වක පොහෝ දිනවලදී නිල්පාට ආලෝක ධාරා රාත්‍රී 9 පසුවීමත් සමඟ දැකගන්නට පුළුවන්.
උපුටා ගන්න ලදී
පිටසක්වල ජීවීන් ගැන පළමු සාක්ෂිය ලංකාවෙන්

 පසුගිය දෙසැම්බර් 29 දා පොළොන්නරුවේ මනම්පිටියට වැටුණු උල්කාශ්ම කොටසක තිබී ෆොසිල බවට පත්වූ ඇල්ගී සෛල ලෙස විශ්වාස කළ හැකි කොටස් හමුවී ඇතැයි එංගලන්තයේ බකිංහැම් විශ්විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පවසයි.

එම උල්කාශ්ම කැබලි ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයකින් පරීක්ෂා කිරීමේදී මෙම සාධක ලැබුණු බවත් එය පෘථිවියෙන් පිටත ජීවය පවතින බවට ලැබුණු ප්‍රථම සාධකය බවත් මහාචාර්ය වික්‍රමසිංහ වැඩිදුරටත් පවසයි.
මෙලෙස හමුවී ඇත්තේ ඩයටම ලෙස හඳුන්වන ඇල්ගී කොටස් බවත් ජීවීන් සහිත අභ්‍යන්තරික සාගරයකින් වෙන්වී වල්ගාතරුවක් සමග එය පැමිණෙන්නට ඇති බවත් ඔහු පවසයි. වසර ලක්ෂ ගණනක් සූර්යයා වටා භ්‍රමණය වෙමින් තිබූ මේ උල්කාපාත කොටසේ ජලය වාෂ්ප වන්නට ඇති බව ද මහාචර්ය වරයාගේ මතයයි.

ඔහු පවසන්නේ තම පර්යේෂණ වලින් හමුව ඇත්තේ ඇල්ගී ඩයටම වල පාෂාණිභූත වූ ෆොසිල බැවින් එය උල්කාපාතය පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේදී එකතුවූවක් නොවේයැයි තහවුරු වන බවයි.
උපුටා ගන්න ලදී..
                 පිටසක්වළ ජීවීන් සෙවීමේ ව්‍යාපෘති

 1)සෙටී ව්‍යාපෘතිය
1961 වසරේ නොවැම්බැයේදී රේඩියෝ ඉංජිනේරුවන් , තාරකා විද්‍යාඥයන් සහ ජෛව විද්‍යාඥයන් කිහිපදෙනෙකු එකතුව සක්වලින් එපිට බුද්ධිමත් ජීවීන් සෙවීම අරමුණු කොට සමුළුවකි පැවැත්වූවේය.සුප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වූ ෆ්රෑන්ක් ඩ්රේක් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සෙවීම සඳහා ඔහුගේ සුප්‍රසිද්ධ සමීකරණය ප්‍රථම වරට ඉදිරිපත් කලේ මෙම සමුළුවේ දීය.මෙම සමුළුවේදී සෙටී (SETI-Search for Extraterrestrial Intelligence)උපන්නේය.එදා සිට අද දක්වා විවිධ දිශා වලට අතු විහිදවහින් දැවැන්තව වැඩුණු සෙටී ව්‍යාපෘතිය තවමත් මල් ඵල ගැන්වී නොමැත.මෙම ව්‍යාපෘතිය ප්‍රධාන ශාඛා කිතිපයක් ඔස්සේ දියත් කෙරිණි.එම ශාඛා වලින් කිහිපයක් නම්

ෆීනික්ස්(PHEONIX) බෙටා(BETA-Billion channel Extra Terrestrial Assay)
මෙටා(META-Million channel Extra Terrestrial Assay)

2) බෙටා ව්‍යාපෘතිය
පිටසක්වළ ජීවීන් සෙවීම සඳහා චැනල බිලියනයක් යොදා ගැනීම අරුත් දෙන (Billion channel Extra Terrestrial Assay)BETA ව්‍යාපෘතිය, ග්‍රහ සංගමයෙහි (Planetary Society)ආධාර ඇතිව හාවඩ් විශ්ව විද්‍යාලයේ පෝල් හොරොව්ට්ස්ගේ ප්‍රධාණත්වයෙන් ඇරඹුණකි.ඛගෝලයේ සමකයේ සිට උතුරට අංශක 60 ක්ද දකුණට අංශක 30 ක්ද වූ සීමාව තුල සියළුම තරු නිරීක්ෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.වසරක් පුරා හාවඩ්හි පිහිටි මීටර 26ක රේඩියෝ දුරේක්ෂයෙන් ගිගා හර්ට්ස් 1.4 ත් 1.72 ත් අතර පරාසයක සංඛ්‍යාත ඹවුන් විසින් මෙම ව්‍යාපෘතිය යටතේ නිරීක්ෂණය කරන ලදී.
බෙටා ව්‍යාපෘතිය ආරම්භ වූයේ 1985 දී ආරම්භ වූ මෙටා ව්‍යාපෘතිය(META-Million channel Extra Terrestrial Assay)වෙනුවෙනි.

3) සෙරන්ඩිප් ව්‍යාපෘතිය(SERANDIP-Search for Extraterrestrial Radio Emissions from Near by Developed Intelligent Populations)
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ බර්ත්ලි සහ පිරිස විසින් 1978 වසරේ ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතිය මඟින් ලෝකයේ ඕනෑම තැනක ඇති රේඩියෝ දුරේක්ෂ වෙනත් අරමුණකින් ක්‍රියාත්මක වුවත් ඒ පිළිබඳ සංඥා ලබා ගැනීමට හැකි විය.1997 වසරේ මැයි මාසයේ දී සෙරන්ඩිප්-4 නමින් එහි අනු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූවේත් ක්‍රාන්තියේ සිට අංශක 38 සිට අංශක -3 අතර ප්‍රදේශය සිසෑරීමටයි.එසේම දකුණු අර්ධගෝලය පිරික්සීමට ඹස්ට්‍රේලියාවේ පර්ක් හි නිරීක්ෂණාගාරයේ සිට තවත් සෙරන්ඩිප් අනු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. සෙරන්ඩිප්-3 නම් වන එයද හයිඩ්‍රජන්හි තරංග ආයාමය ඔස්සේ දිව ගිය එකකි.

ටෙක්සාස් අහසේ හඳුනානොගත් ආකාශ වස්තුවක්

රිකෝණාකාර හැඩැති ආකාශ වස්තුවක් ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඇමරිල්ලෝ ප‍්‍රදේශයේදී නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වේ. ස්ටීව් ඩග්ලස් හා ඩීන් මස්කට් යන ඡායාරූප ශිල්පීන් දෙදෙනා විසින් කැමරා කාචයට හසුකරගෙන ඇති අතර පසුව එය වඩා පැහැදිලිව පෙනෙන ලෙස සංස්කරණය කර මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

සාමාන්‍ය ගුවන් යානායල හැඩයට වඩා බෙහෙවින් වෙනස් ති‍්‍රකෝණාකාර හැඩයක් ගත් මෙම යානය මිනිස් නිර්මාණයක් මිස පිටසක්වළ යානයක් නොවන බවද මේ පිලිබඳව සංවාදයකට එක්වුනු UFO පර්යේෂකයින් සඳහන් කොට තිබේ. බැලූ බැල්මට මෙම යානය ඩ්‍රෝන යානයකට වඩා විශාල බව එයින් නිකුත්වන වාශ්ප ධාරාව (vapour contrail) අධ්‍යයනය කිරීමෙන් අනුමාන කල හැකි බව ඔවුන් පවසයි.

අමෙරිකාවේ අපූර්ව ගුවන්යානා නිර්මාණ ව්‍යාපෘති හෙවත් කළු ගුවන්යානා ව්‍යාපෘති (Black Aircraft Projects) ගණනාවක්ම ක්‍රියාත්මක වන බව පවසන ඔවුන් මෙය එවැනි අතිශය රහසිගත කළු ගුවන්යානයක පරීක්ශණ පියාසැරියක් විය හැකි බව පවසති. දැනටමත් බෝයිං සමාගම හා ලොක්-හීඩ් සමාගම මෙවැනි පියාඹන අත්තටු හැඩැති යානා (Blended Wing Body) නිර්මාණය කොට ඇති අතර මෙයින් B-2 ස්ටෙල්ත් බෝම්බ ප්‍රහාරක යානය ප්‍රධානය.

මෙම හඳුනානොගත් අභිරහස් යානාවට සමාන්තරව තවත් යානා දෙකක් පියාසර කොට ඇති අතර එම යානා තුන අතර හුවමාරුවූවා යයි සැක කෙරෙන රේඩියෝ පණිවුඩ හසු කරගැනීමට ටෙක්සස් ප්‍රාන්තයේ සිට එය නිරීක්ශණය කල ස්ටීව් ඩග්ලස් සමත්වී තිබේ.
උපුටා ගන්නා ලදී.
ඒරියා 51’ කඳවුර පිළිගැනීමට ඇමෙරිකාවට සිදු වෙයි

 ‘ඒරියා 51’ (Area 51) යනුවෙන් නම් කරන ලද අධි රහස්‍ය කඳවුරක් නිර්මාණය කළ බව ඇමෙරිකානු සී.අයි.ඒ.රහස් ඔත්තු අංශය අන්තිමේ දී පිළිගෙන ඇත.
එවැනි රහස්‍ය කඳවුරක් ඇති බව ඇමෙරිකානු ආණ්ඩුව වසර ගණනාවක් ම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමිනුයි තිබුණේ.

ඇමෙරිකානු තාක්ෂණයේ ඉදිරි පිම්මක් වූ U 2 ඔත්තු බැලීමේ යානා ඉතිහාසය අනාවරණය කෙරෙන නව වාර්තාවක් මගින් ඉහත කී කඳවුර ගැන තොරතුරු හෙළි කොට ඇති අතර,ඒ අනුව දැන් කඳවුර තිබෙන්නේ , නෙවාඩා (Nevada) කාන්තාරයේ.
1950 දශකයේ ඇමෙරිකා එක්සත් ජනපදය U 2 ඔත්තු බැලීමේ යානය නිර්මාණය කළේ,එවකට පැවති සෝවියට් සංගමයේ ඔත්තු බැලීමටයි.
එහෙත් එම අධි රහස්‍ය කඳවුර මේ දක්වා කිසිදු ඇමෙරිකානු නිල සිතියමකට ඇතුළත් කොට නොතිබුන අතර,අඩු තරමින් චන්ද්‍රිකා ඡායාරූපයකවත් එය දක්නට නොලැබුණි.
ආරක්ෂක තොරතුරු පිළිබඳ බ්‍රිතාන්‍ය විශ්ලේෂකයකු වන ක්‍රිෂ් පොකොක්(Chris Pocock) බීබීසියට අදහස් දක්වමින්,U2 යානා ඉතා ඉහල අහසේ පියාසර කරමින් තිබෙන විට ඒවාට හිරුරැස් වැටී බබලද්දී, එම දිස්නයෙන් මුලා වූ ඊට පහතින් පියාසර කරන මගී ගුවන් යානවන්හි බොහෝ නියමුවන් එම රිදී පැහැති U2 යානා පියාඹන පීරිසි හෝ ඇතැම් විට පිටසක්වළ ජීවීන් පිළිබඳ ලකුණක් විය හැකි බවට නොමග ගිය බවත් සඳහන් කළේය.
එහෙත් ඉන්පසු කාලයෙහි එම යානා නිර්මාණය කෙරුනේ කළු පැහැයෙනි.
උපුටා ගන්නා ලද්දකි.


Wednesday, November 9, 2016

පිටසක්වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමට සැරසෙයි..

◄◄◄◄මහාචාර්ය ස්‌ටීවන් හෝකින්ස්‌ අනතුරු අඟවයි►►►►

 මෙයට වසර ගණනකට පෙර ඇමරිකාවේ ඇරිසෝනා කාන්තාරයට අද්භූත වස්‌තුවක්‌ කඩාවැටිණ. එහෙත් මේ සිද්ධිය ඇමරිකානු ජනතාවගෙන් වසන් විය. මෙකී සිද්ධියෙන් වසර 40 කට පසු එහි සුලමුල හෙළි වූයේ මියයාමට ආසන්න අයකුගෙනි.
ඇරිසෝනා කාන්තාරයට කඩාවැටුණේ නාඳුනන ග්‍රහලෝකයකින් පැමිණි පියාඹන පීරිසියක්‌ නමින් හඳුන්වන යානාවක්‌ බවත් එහි මියගිය දෙදෙනකු සිටි අතර තවත් අයකු යානාවෙන් එළියට ගෙන ස්‌වල්ප වේලාවකින් මරුමුවට පත්වූ බවත් හෙතෙම තම ඥතීන්ට හෙළිකරනු ලැබීය.
දැන් යළිත් වරක්‌ මේ පිටසක්‌වල ජීවීන් ගැන තොරතුරු එළිදැක්‌වී ඇත. ඒ බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥයකු වූ ස්‌ටීවන් හෝකින්ස්‌ගෙනි.
බ්‍රහස්‌පති ග්‍රහයා තුළ ජීවීන් සිටින බවත් ඔවුන් මිනිසාට වඩා බලසම්පන්න වන අතර විශාල ගුවන් යානා මගින් එකී ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමට ඉඩ ඇති නිසා ප්‍රවේසම් විය යුතු බවත් හෙතෙම කියා සිටියේය. ක්‍රිස්‌ටෝපර් කොළම්බස්‌ ඇමරිකාව සොයා ගැනීමෙන් එහි සිටි පාරම්පරික ගෝත්‍රිකයන් ආක්‍රමණයකට ලක්‌ වුණා. ඊටත් වඩා භයානක තත්ත්වයක්‌ පිටසක්‌වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමෙන් සිදුවනවා යෑයි මහාචාර්ය හෝකින්ස්‌ තවදුරටත් අනාවරණය කළේය.

මේ මාසයේදි හබල් නමැති දුරදර්ශකයට විසි වසරක්‌ සම්පූර්ණ වේ . මේ වන විට විශ්වය වඩාත් පුළුල් වී ඇති බවත් ග්‍රහලෝක ගමන් කිරීම වඩාත් වේගවත් වී ඇති බවටත් තහවුරු වී ඇත. පෘථිවියේ සිටින මානව සංහතිය කිසිම අයුරකින් මේ පිටසක්‌වල ජීවීන් සමග සබඳකම් පැවැත්වීමට ක්‍රියා නොකළ යුතුයි. මන්ද ඉන් තමන්ගේම විනාශය සිදුවනවා යෑයි මහාචාර්ය හෝකින්ස්‌ විසින් අනතරු අඟවා තිබේ. වසර තුනකට අධික කාලයක්‌ තිස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ මෙම මහාචාර්යවරයා තවදුරටත් හෙළි කළේ ග්‍රහලෝකවල, තරුවල හා විශ්වය තුළ කුඩා ජීවීන් සිටිය හැකි බවයි.

හැට අටහැවිරිදි වියේ පසුවන මහාචාර්ය හෝකින්ස්‌ගේ මෙම පිටසක්‌වල ජීවීන්ගේ තොරතුරු වෙනත් විද්‍යාඥයන් විසින් මුළුමනින්ම බැහැර කර ඇත. එහෙත් මහාචාර්ය හෝකින්ස්‌ තම තර්කය සාධාරණීයකරණය කරමින් පෘථිවිය ආක්‍රමණය කරන ජීවීන් පෘථිවිය කෙරෙහි වෛරයෙන් පසුවන්නන් යෑයිද පවසයි. එදිරිවාදිකම් පිරිමැසීම සඳහා පිටසක්‌වල ජීවීන් පෘතුවිය ආක්‍රමණය කරනවා. අපට වඩා දියුණු ජීවීන් සමූහයක්‌ වෙනත් ග්‍රහලෝකවල සිටිනවා. අපේ ආයුෂ කාලයත්a ඔවුන්ගේ ආයුෂ කාලයත් එක සමානයි යෑයි හෙතෙම කියා සිටියේය.
පෘථිවියේ යුරේනියම් හා ප්ලූටෝනියම් වැනි අධි බල ශක්‌ති ද්‍රව්‍යයක්‌ තිබෙන්නාක්‌ මෙන් වෙනත් ග්‍රහලෝකවලද එවැනි ද්‍රව්‍ය තිබෙන නිසා තම ගුවන් යානා එකී බලශක්‌ති මගින් ක්‍රියාත්මක කිරීමට පිටසක්‌වල ජීවීන් ක්‍රියාකරනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.
මෙලෙස පිටසක්‌වල ජීවීන් ගැන අලුත්ම තොරතුරු හෙළිකරන මහාචාර්ය හෝකින්ස්‌ මුළුමනින්ම ආබාධිත තත්ත්වයකට පත්වූවෙකි.
2009 වසරේදී තම ස්‌වරය පවා ඔහුට අහිමි විය.එහෙත් විශ්වයේ සැඟවුණු රහස්‌ අනාවරණය කර ගැනීම සඳහා ගන්නා උත්සාහය ඔහු අත්හැරියේ නැත. අද ඔහු තම ස්‌වරය සඳහා විද්යුත් හඬ පිට කරන උපකරණයක්‌ භාවිතා කරයි.
2009 අගෝස්‌තු 12 වැනිදා ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා විසින් හෝaකින්ස්‌ට ජනාධිපති සම්මානය පිරිනමනු ලැබුවේ ඔහු කළ විශිෂ්ට සේවය වෙනුවෙනි. පිටසක්‌වල ජීවීන්ගෙන් ගැලවිය හැකි හොඳම ක්‍රියාමාර්ගය ඔවුන් සමඟ සබඳකම් නොපැවැත්වීම යෑයිද මහාචාර්යවරයා දන්වා ඇත.
සිතීම ඔබට බාරයි....???
උපුටා ගන්නා ලද්දකි..
පිටසක්වළ ප‍්‍රහාරයකට මුහුණදීමට අප තවමත් සූදානම් නැහැරුසියාව 

 රුසියානු අභ්‍යවකාශ බලසේනාව පිටසක්වලින් එල්ල වන ප‍්‍රහාරයකට මුහුණදීම සූදානම් නොමැති බව රුසියානු ආරක්ෂක නිලධාරියෙකු පවසා තිබේ.
මොස්කව් ආසන්නනේ පිහිටා ඇති ටිටොව් අභ්‍යවකාශ පද්ධති පාලන මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පිටසක්වළින් එල්ල වන ප‍්‍රහාරයකට මුහුණ දෙන අන්දම පිළිබඳව කළ විමසීමකට පිළිතුරු වශයෙන් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ප‍්‍රධානි සර්ජි බ්‍රෙෂ්නොයි කියා ඇත්තේ පිටසක්වල ජීවීන්ට මුහුණදීම තමන්ගේ අරමුණ නොවෙතත් පෘථිවිය සහ ඒ අසල අවධානය ලක් කළ යුතු බොහෝ ගැටළු ඇති බවයි.


රුසියානු ගුවන් ආරක්ෂණ බලසේනාව විසින් මෙහෙයවන ටිටොව් අභ්‍යවකාශ මධ්‍යස්ථානය හරහා රුසියාවේ සිවිල් සහ යුධ සන්නිවේදන චන්ද්‍රිකාවලින් 80%ක් පාලනය කෙරෙන අතර අභ්‍යවකාශ යානා සහ උපක‍්‍රමික බැලස්ටික් මිසයිල ගුවන්ගත කිරීම්ද පාලනය කරනු ලබයි.
නිලධාරීන් සහ සෙබළුන් 1000ක් පමණ ටිටොව් මධ්‍යස්ථානයේ සේවය කරන බව පැවසේ. 2011දී මිසයිල ආරක්ෂණය, ගුවන් යානා යුධ කටයුතු සහ අභ්‍යවකාශ පරිපාලනය යන ක්‍ෂෙත‍්‍ර රැසක් සඳහා පැවති සේනාංකයන් ඒකාබද්ධ කර රුසියානු අභ්‍යවකාශ බලසේනාව ගොඩනගනු ලැබිනි.
රේඩාර් මධ්‍යස්ථානයන් රැසක් සහිතව ගොඩනැගූ බැලස්ටික් මිසයිල ගුවන්ගත කිරීම පිළිබඳ අනතුරු හැගවීමේ මධ්‍යස්ථානයක්, අභ්‍යවකාශ චරපුරුෂ මධ්‍යස්ථානයක්, ප්ලෙසෙට්ක් හි පිහිටා ඇති මිලිටරි ගගනගාමීන් පුහුණු මධ්‍යස්ථානය සහ කුරාහි පිහිටා ඇති මිසයිල අත්හදා බැලීමේ අංගණය මෙම බලසේනාව සතුව පවතී.
පිටසක්වල ප‍්‍රහාරයකට මුහුණ දිය නොහැකි වුවද ගෝලීය පරිමාණයේ තර්ජනයන්ට මුහුණදීම සඳහා අතිශය ප‍්‍රබල සහ අධි තාක්ෂණික මාධ්‍යයන් රුසියානු අභ්‍යවකාශ බලසේනා සතුවන බව යුධ විශේෂඥයන්ගේ පිළිගැනීමයි.
උපුටා ගන්නා ලදී